ඉඟිණිමිටිය රක්ෂිතය තුළ දඩයමේ ගිය 4ක් දැලේ

ඉඟිණිමිටිය රක්ෂිතය තුළ දඩයමේ ගිය 4ක් දැලේ

April 24, 2018   01:54 pm



මෙරට නිෂ්පාදිත මෙරට නිෂපාදිගත ගිනි අවියක් සමඟ ඉඟිණිමිටිය රක්ෂිතය තුළ දඩයමේ ගිය පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය වනජීවී පාලන ඒකකය සමත් වී තිබේ. 

ඊයේ(23 ) රාත්‍රී 11.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත්තේ වනජීවී කාර්යාලයට ලැබුණ පැමිණිල්ලක් අනුව රැකවල් ලා සිටියදීය. 

සැකකරුවන් සමඟ ඔවුන් පැමිණි යතුරුපැදි දෙකක්, පතරොම් තුනක්, උල්පිහියක්, අධිබලැති විදුලිපන්දම් හතරක් සහ ජංගම දුරකථන තුනක් ද අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම පුද්ගලයින් දීර්ඝ කාලයක් තිස්සේ ඉඟිණිමිටිය රක්ෂිතය තුළ වනසතුන් දඩයම් කර ඇති බව මේ වනවිට හෙලිදරව් වී ඇත. 

අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනෙකු නාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු උඩතෝරව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.