වව්නියාවේ අලි පැටවා මිය යාමට හේතුව සොයා ගනියි

වව්නියාවේ අලි පැටවා මිය යාමට හේතුව සොයා ගනියි

April 22, 2018   10:38 pm



වව්නියාව, පූවරසන්කුලම, සෙංගල්පඩෙයි ප්‍රදේශයේ කැළෑවකදී මියගොස් ඇති  තිබී සොයා ගන්නා ලද වන අලි පැටියා මියගොස් ඇත්තේ ''හක්ක පටස්'' වෙඩිල්ලක් පිපිරීමෙන් බවට තොරතුරු හෙළි වී තිබේ.

මිය ගිය වන අලියා පිළිබදව මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්‍යවරුන් මේ බව සනාථ කොට ඇතැයි උතුරු පළාත බාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් මහතා පැවසීය.

ගොවීන් විසින් වල් ඌරන්ගෙන් සිය වගාවන් ආරක්ෂා කර ගැනීම පිණිසත්,වල් ඌරන්ගේ මස් ලබා ගැනීම පිණිසත් ''හක්ක පටස්'' වෙඩි තැන් තැන් වල තබන බවත් ඇමක් වශයෙන් ඒවායෙහි පලතුරු බැදීම නිසා වන අලින් ඒවා කෑමෙන් ජීවිතක්ෂයට පත් වන බවත් එම නිලධාරියා පැවසීය.

උතුරු කලාපයේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශ තුළ වල් අලි ගහණය ඉතා ශිඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් මහතා පවසයි.

මේ තත්ත්වය මත උතුරු පළාතේ වන අලි ගහණය අඩු වී ඇති බව පෙන්වා දෙන පශු වෛද්‍ය නිලධාරීවරයා 2017වසර තුලදී උතුරු පළාතේ වන අලින් 11 දෙනෙකු මිනිසුන් විසින් හක්ක පටස් පත්තු කිරීම, විදුලිය වැද්දවීම හා වස දීම හේතුවෙන් මිය ගොස් ඇති බවද කියා සිටියේය.

වව්නියාව පූවරසන්කුලම, සෙංගල්පඩෙයි ප්‍රදේශයේ කැළෑවකදී හමුවූ වන අලි පැටවා වයස අවුරුදු තුනක් පමණ වන වන අලි පැටවෙකු වන අතර මරණ පරීක්ෂණ කටයුතු 21 දා සිදු කෙරිණි.