ධීවරයින් දෙදෙනෙකුට මෙතෙක් හමුනොවූ අන්දමේ දෙයක් හමුවෙයි
April 22, 2018 09:58 pm
මුලතිව් පළාතේ ධීවරයින් දෙදෙනෙකුට මෙතෙක් හමුනොවූ අන්දමේ මුහුදු හක් ගෙඩියක් අද(22) සවස හමු වී තිබේ.
මෙම හක් ගෙඩිය එක් පසෙකින් වට්ටක්කා ගෙඩියක් මෙන් දිස්වන අතර අනෙක් පසින් බැලූ විට කුරුල්ලකු මෙන් දිස් වන බව එම හක් ගෙඩිය හමු වූ ධීවරයෝ පවසති.
මෙම හක් ගෙඩිය ඉතා දුර්ලභ හක් ගෙඩියක් බැවින් එය මිල කළ නොහැකි හක්ගෙඩියක් වනු ඇතැයි මුලතිව් ධීවරයෝ දෙදෙනා විශ්වාස කරයි.
කෙසේ වෙතත් එම ධීවරයින් දෙදෙනා එම හක් ගෙඩිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත බාර දී තිබේ.
මුලතිව් සහකාර ධීවර අධ්යක්ෂවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.