කේරළ ගංජා සමඟ අඹු සැමි යුවලක් අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ අඹු සැමි යුවලක් අත්අඩංගුවට

April 22, 2018   08:42 pm



දංකොටුව මෝරුක්කුලියේ දෙමහල් නිවෙසක තිබි කේරළ ගංජා කිලෝ 3 යි ග්‍රැම් 100 ක තොගයක් සමග අඹු සැමි යුවලක් ඊයේ  (22) පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගට ගෙන ඇත්තේ මෝරුක්කුලයේ ම පදිංචි 46 සහ 42 හැවිරිදි අඹු සැමි යුවලකි.

කේරළ ගංජා බෙදාහරින පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරුතුරකට අනුව පොලිස් උපාය දුතයකු මාර්ගයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි ගංජා ජාවරමක තොරතුරු හෙලි ‍ව් තිබේ.

කාන්තාවගේ තොරතුරක් අනුව ඇයගේ නිවස සෝදිසි කිරිමේදි අල්මාරියේ  සගවා තිබු කේරළ ගංජා තොගය සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත්  කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දොළහක් වන බව පොලිසිය පවසයි.

අඹු සැමි යුවලට කේරළ ගංජා ගෙනවිත් ඇති බව කියන ජා ඇල  ප්‍රදේශයේ පුද්ගලයකු හඳුනා ගෙන ඇති අතර ඔහුද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටි ආරච්චිගේ මහතා උපදෙස් ඇතිව පොලිස් පරික්ෂක රොහාන් පිරිස් මහතා ඇතුළු කන්ඩායමක්  වැටලිම කර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.