රට ආරාජික වී ඇතිබවට විජේදාසගෙන් ජනපතිට චෝදනාවක්

රට ආරාජික වී ඇතිබවට විජේදාසගෙන් ජනපතිට චෝදනාවක්

April 22, 2018   07:30 pm



ජනාධිපතිවරයා සෑදීමට යන කැබිනට් මණ්ඩලය කුමන පක්ෂවල සාමාජිකයන්ගෙන් සමන්විය යුතුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැක්මන් නොමැති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එසේම එක්සත් ජාතික පක්ෂය තනියෙන් ආණ්ඩුවක් සාදනවාද සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල තීන්දුවක් නොමැති බවද එතුමන් පැවසීය.

2015 ජනවාරි 8 වන දින අප විසින් පත්කළේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් බවත් එතුමා පත්වූ දිනයේ සිට සර්ව පාක්ෂීක වූ බවත් ඒ තුළින් රට ආරාජික තත්ත්වයකට පත්වී ඇති බවද එතුමන් වැඩිදුරටත් පැවසීය.