පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරු සේවයේ කටයුතු කිරීමේ හැකියාවක් නෑ
April 22, 2018 06:11 pm
මහානාහිමිවරුන් යෝජනා කළ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ප්‍රතික්ෂේප කර කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.
මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා නවත්වා ගරු සේවයක් බවට පත් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගෙන් කළ විමසීමකදී එතුමන් මේ බව පැවසීය.
අද වන විට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කිසිවක් කතා නොකරන බව එතුමන් පැවසීය.