කලකිරිලා ගිනි තියාගෙන මැරිලා

කලකිරිලා ගිනි තියාගෙන මැරිලා

April 22, 2018   03:15 pm


යාපනයේ, අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ දරුවන් හත් දෙනෙකු සිටින මවක් සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබා ගැනීම නිසා ඇය මරුමුවට පත්ව ඇතිබව යාපනය පොලීසිය පවසයි.

සෝදියලිංගම් ශාන්තිකුමාරි නැමති 57 හැවිරිදි මෙම කාන්තාව දරුවන් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සිත් තැවුලට පත්ව ඊයේ(21)  සවස මෙසේ ගිනි තබා ගෙන ඇත.

ස්වාමියා මියයාමෙන් පසුව දරුවන් දෙදෙනෙකු සමඟ ඇය එක් නිවසක ජීවත් වී සිටින අතර තුර එක් පිරිමි දරුවකු  නිතර නිතර පැමිණ ඇයගෙන් ඔවුන් පදිංචිව සිටින ඉඩම හා නිවස ඔහුගේ නමට ලියා දෙන ලෙස බල කරන බවත් සිද්ධිය වූ දිනයේ උදෑසනද ඔහු පැමිණ ඉඩම හා නිවස ලියා දෙන මෙන් බලකරමින් ආරවුලක් ඇති කරගෙන ඇති බව හෙළිවී තිබේ.

මියගිය කාන්තාව සමඟ ජීවත් වන එක් දරුවකු සිය සහෝදරයාට ඉඩම හා නිවස ලියා දීම සම්බන්ධයෙන් කැමැත්ත පල කොට ඇතත් අනෙක් අය ඊට තදින්ම විරුද්ධ නිසා සහෝදරයා පැමිණ ආරවුලක් ඇතිකරගත් අවස්ථාවේදී සහෝදර සහෝදරියන්ද ආරවුලක් ඇති කරගෙන තිබේ.

මේ සිද්ධීන් නිසා සිත් තැවුලට පත් කාන්තාව ඇගේ සිරුරට ගිනි තබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

ඇය සිරුරට ගිණි තබා ගැනීමෙන් පසුව අවට වැසියන් ගින්න නිවා ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත අතුළත් කොට ඇති නමුත් ඇයව රෝහලට ඇතුළත් කොට ස්වල්ප වේලාවකින් පසුව මිය ගොස් ඇත.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ වැඩිදුර පරික්ෂණ  පවත්වයි.