රබර් කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය රක්ෂිත බන්ධනාගාරයට
April 22, 2018 03:04 pm
ඇමෝනියා වායුව ආග්රහහණය වීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ රබර් කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හොරණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ සැකකාරිය ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පසුගිය 19 වනදා අදාළ කර්මාන්ත ශාලාවේ ඇමෝනියා ටැංකියකට පුද්ගලයෙකු වැටී තිබූ අතර ඔහු බේරාගැනීමට උත්සාහ කිරීමේදී ඇමෝනියා වායුව ආග්‍රහණය වීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
සිද්ධියට අදාළව කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයා ද පසුගියදා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.