සයුරෙන් එතෙර
කාබූල් අගනුවර ප්රහාරකින් 31 මරුට - 50 කට තුවාලයි
April 22, 2018 02:35 pm
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
කාබුල් නුවර පිහිටි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිරිපිට බෝම්බය පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අදාළ ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකළ බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළ ද තලෙයිබාන් සංවිධානය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයක් වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීම මෙම මස සිට ආරම්භ කර ඇති අතර එලෙස ලියාපදිංචි වීම සඳහා පැමිණි පිරිසක් ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.