එජාප මූලස්ථානයේ කටයුතු ප්රධාන ක්ෂේත්ර තුනකට බෙදයි
April 22, 2018 02:22 pm
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කටයුතු ප්රධාන ක්ෂේත්ර තුනකට වෙන්කර එහි කටයුතු ඉදිරියට ගෙන යාම සදහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නව ප්රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව ජනසන්නිවේදන හා ප්රචාරක අංශය, ප්රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයින් බඳවා ගැනීම හා ප්රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්රියාවට නැංවීම වැනි වැඩකටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තිදෙනෙකුට බලය පැවරීමට නියමිතය.
පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීම හා ප්රවර්ධන කටයුතු බිම මට්ටමේ සිට ක්රියාවට නැංවීම ජාතික සවිධායකවරයාටත්, ජනසන්නිවේදනය හා ප්රචාරක අංශය ඒ සඳහා පත්කෙරෙන ප්රධානියාටත් පැවරෙන අතර පක්ෂයේ ප්රධාන කාර්යාලය මෙහෙයවීමේ කටයුතු මහලේකම්වරයා වෙත පැවරෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිලධාරීන් තිදෙනාට සහය දැක්වීම සඳහා විෂය භාර නව ලේකම්වරුන් තිදෙනෙකු ද පත්කෙරෙන බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.