ලොව වයස්ගතම කාන්තාව මිය යයි
සයුරෙන් එතෙර

ලොව වයස්ගතම කාන්තාව මිය යයි

April 22, 2018   01:39 pm



ලොව වයස්ගතම මානවයා ලෙස සැලකූ ජපන් ජාතික කාන්තාව 117 හැවිරිදි වියේදී මියගොස්  තිබේ.

ඊයේ (21) පස්වරුවේ දකුණු ජපානයේ, කිකායි ප්‍රදේශයේ රෝහලකදී ඇය  මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නබී තජිමා නැමැති ඇය 1900 වර්ෂයේ අගෝස්තු මස 04 වනදා උපත ලබා ඇති අතර 19 ශතවර්ෂයේ දී උපත ලබා වර්තමානය වන තෙක් ජීවත් වූ එකම මානවයා ලෙසට හඳුනාගෙන ඇත.

ඇය පිරිමි දරුවන් හත් දෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු හට ද උපත ලබාදී ඇති බව සඳහන්ය.

මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකූ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන්ගේ අභාවයත් සමඟ මීට මාස හතකට පමණ පෙර නබී තජිමා ලොව වයස්ගතම මානවයා බවට පත් විය.