රෙජී රණතුංග මහතාගේ 81 වන ජන්ම දිනය අදයි

රෙජී රණතුංග මහතාගේ 81 වන ජන්ම දිනය අදයි

April 22, 2018   01:03 pm



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු අමත්‍යවරයෙකු වූ රෙජී රණතුංග මහතාගේ 81 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි රෙජී රණතුංග මහතාගේ ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් සහභාගී විය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතු බව වර්තමානයේ තම ස්ථාවරය බවයි.

අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ද ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමවේදයක් තමාද පිලිගන්නා බවයි.