කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට හෝ අනිද්දා ?
April 22, 2018 12:43 pm
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හෙට සහ අනිද්දා යන දින වල සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට රජය සැලසුම් කර තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා අද (22) දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ අනුව අදාළ කැබිනට් මණ්ඩලය නම් කර මැයි මස පළමුවන දිනට ප්‍රථම එහි කටයුතු අවසන් කිරීමට රජය සැළසුම් කර ඇත.
මේ අතර කැබිනට් සංශෝධනයේදී විශාල වෙනසක් සිදු නොවනු ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.