සංගීත ප්‍රසංගයේ වෙඩි තැබීමට අදාළ ප්‍රධාන සැකකරු හඳුනාගනියි
April 22, 2018 12:09 pm
නිට්ටඹුව, අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ උදම්විට සමරේ නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සැකකරුවෙකු විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.
ඊයේ රාත්‍රී අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගිය අතර එහිදී ගැබිණි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබීය.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කළේය.
අදාළ ව්‍යාපාරිකයා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසියට අමතරව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.