සෙල්ලම් කරමින් හිටපු කුඩා දරුවෙක් කොන්ක්‍රීට් තට්ටුවකින් වැටී මරුට

සෙල්ලම් කරමින් හිටපු කුඩා දරුවෙක් කොන්ක්‍රීට් තට්ටුවකින් වැටී මරුට

April 22, 2018   11:54 am



මුන්දලම කන්දතොඩුවාව වැල්ලවත්ත ගම්මානයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදෙනෙකුගෙන් එක් දරුවකු කොන්ක්‍රීට් තට්ටුවකින් පහලට වැටිමේන් පසුව (21) දින සවස මරණයට පත්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එම්.කේ. පසිදු ආලෝක නැමති වයස අවුරුදු හතක දරුවකු වන අතර මොහු කන්දතොඩුවාව මහා විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි දරුවකු බව පොලීසිය ප්‍රකාශ කළේය.

 මුන්දලම පොලිසිය පවසන්නේ මරණයට පත් දරුවා අසල්වාසි නිවසක තවත් කුඩා දරුවකු සමඟ සෙල්ලම් කරමින් සිට ඇති බවත් එහිදි මෙම මරණයට පත් දරුවා අදාළ නිවසේ ඉදිකරමින් තිබු අඩි තුනකටත් අඩු උසකින් යුත් ස්ථානයක කොන්ක්‍රීට් ලැල්ලකට නැගි සෙල්ලම් කරමින් සිටියදි එකවර බිම ඇද වැටිමේන් පසුව රෝහල් ගත කරන විටත් මරණටය පත්ව ඇති බවයි.

මරණයට පත් දරුවා ට තවත් වැඩිමහල් සොහොයුරේකු සිටින අතර ඔහු කන්ද තොඩුවාව විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටින බව ද කියයි . 

මෙම දරුවන්ගේ පියා ගොවිපලක දෛනික කුලියට රුකියාවේ නිරත වන්නෙකු බවද මව දරුවන් බලා ගනිමින් නිවසේ සිටින බවද පොලීසිය ප්‍රකාශ කළේය.