ත්‍රීරෝද රථ ගාස්තු  සඳහා  ස්ථාවර මිලක්  හදුන්වාදෙන්න

ත්‍රීරෝද රථ ගාස්තු සඳහා ස්ථාවර මිලක් හදුන්වාදෙන්න

April 22, 2018   11:53 am



ත්‍රීරෝද රථ ගාස්තු  සඳහා ස්ථාවර මිලක්  හදුන්වා දිය යුතු අවස්ථාවක මීටර් සවිකිරීම හා බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය කර නීති සෑදීම හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 

මඟියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සැබෑ උවමනාවක් රජයට ඇත්නම් පළමුව කළ යුත්තේ ත්‍රීරෝද රථ ගාස්තු  සඳහා  ස්ථාවර මිලක්  හදුන්වා දීම වන අතර මේ වන විට ත්‍රීරථ රියදුරන් විවිධ මිලගණන් අය කරමින් මගියාගේ මුදල් මංකොල්ලකමින් සිටින බව එම  සංවිධාන සඳහන් කරයි. 

ත්‍රීරථ කිලෝමීටරයට රුපියල් 30 ක් අයකරද්දී තවත් ත්‍රීරෝද කිලෝමීටරයට රුපියල්  40 ක් අයකරන අතර පළාත් මට්ටමින් ස්ථාවර ගාස්තුවක් නියම කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

මීටර් නිෂ්පාදන සමාගම් පෝෂණය කිරීම අරමුණු කොට නීති සැදීම වහා නවතා දමන ලෙසත් මඟියාට සාධාරණය ඉටු කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට නීති සාදන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.