අයි.පී.එල් 19 වන තරඟයේ ජය රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම

අයි.පී.එල් 19 වන තරඟයේ ජය රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම

April 22, 2018   09:39 am



අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියේ 19 වන තරඟයෙන් කඩුලු 06ක ජයක් අත් කර ගැනිමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම  සමත් වුණි.

 ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම කඩුලු 05ක් දැවි ලකුණු 174ක් ලබා ගත්තේය.

රිෂාබ් පෑන් පන්දු 48කදී ලකුණු 85ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු වශයෙන් බැංග්ලෝර් කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ පන්දුවාර 02ක් ඉතිරිව තිබියදීය.

විශිෂ්ට පිති හරඹයක නිරත වූ ඒ.බී ඩිවිලියස් පන්දු 39කදී නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේය.