කනත්තේ කේරළ ගංජා විකිණූ 1ක් අල්ලයි

කනත්තේ කේරළ ගංජා විකිණූ 1ක් අල්ලයි

April 22, 2018   08:40 am



යාපනයේ  සිට ගලේවෙල කේරළ ගංජා තොග වශයෙන් ගෙනැවිත් තොග සහ සිල්ලරට අලෙවි කරන මහා පරිමාණ ජාවාරම් කරුවෙකු කේරළ ගංජා කිලෝ දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.

ඊයේ (21) ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු  තොරතුරක මත ගලේවෙල එනමල්පොත ප්‍රදේශයේදී මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින්ය.

සැකකරු ගලේවෙල එලමල්පොත ප්‍රදේශයේ සොහොන් බිමක ගංජා ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ මඟින් කේරළ ගංජා කිලෝ 2 සමඟ ඔහු පැමිණි යතුරුපැදියසද අත්අඩංගුවට තිබේ.

වසර ගණනාවක සිට මෙම කේරළ ගංජා ජාවාරම මෙම තැනැත්තා විසින් සිදුකරගෙන ඇතත් අත්අඩංගුවට ගැනීමට  හැකි වූ පළමු අවස්ථාව මෙය බව පොලීසිය කියයි.

මේ  පුද්ගලයා ගලේවෙල එලමල්පොත ප්‍රදේශයේ පදිංචි සතාර්දීන් ජෙලාබ්දීන් නමැති 57 හැවිරිදි පුද්ගලයෙක්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(22) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.