IMF මීළඟ ණය වාරිකය ලබාදීමට ඉන්ධන මිල වැඩි කළ යුතු බවට ඉඟියක් ?

IMF මීළඟ ණය වාරිකය ලබාදීමට ඉන්ධන මිල වැඩි කළ යුතු බවට ඉඟියක් ?

April 22, 2018   07:27 am



‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ සිව් වන අදියර ලබන ජුනි මාසයේදී ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා සහ එකඟතා මේ වන විට අවසන්වී ඇති බව වාර්තා වේ.

වොෂින්ටන් නුවරදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ මෙහෙයුම් ප්‍රධානී මනුවෙලා ගොරෙටි නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ අවුරුදු 03ක කාලයක් සඳහා අදියර කිහිපයකින් ලබාදෙන ණය මුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයින් සහ නිළධාරි මට්ටමේ එකඟතාවන්ට මේ වන විට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය  ස්ථාවරත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී වැඩි අවධානය යොමු කර තිබේ.

ඒ අනුව කැබිනට් අනුමැතිය සඳහා යොමුව ඇති ඉන්ධන මිල ඉහළ දැමිම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

2018  වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 04ක් පමණ වනු ඇති බවටත් උද්ධමනය සියයට 05කට අඩු මට්ටමක පවතිනු ඇති බවටත් ඇස්තමේන්තු කර තිබේ.