ශ්‍රීලනිපයේ තනතුරු වෙනත් පක්ෂවල පුද්ගලයින්ට ලබාදීමේ අරමුණ ඉටු කර ගැනිමට ඉඩ දෙන්නේ නෑ

ශ්‍රීලනිපයේ තනතුරු වෙනත් පක්ෂවල පුද්ගලයින්ට ලබාදීමේ අරමුණ ඉටු කර ගැනිමට ඉඩ දෙන්නේ නෑ

April 22, 2018   07:15 am



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනත් පක්ෂවල පුද්ගලයින්ට ලබාදීමේ අරමුණ ඉටු කර ගැනිමට ඉඩ නොතබන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එහෙත් ඕනෑම විටෙක තනතුරුවලින් ඉවත්විමට සූදානම් බව තමා මීට පෙර ද ප්‍රකාශ කර ඇති බව අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේදී ප්‍රකාශ කළේය.

රජය විසින් ඉටු කළ කාර්යයන් ජනතාව අතරට ගෙනයාමට අසමත්විම හේතුවෙන් රජයට පසුබෑමට සිදු වූ බව අමාත්‍ය  මහින්ද අමරවීර මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.