ඇමෙරිකාවේ GSP බදු සහනය අද සිට ක්‍රියාත්මකයි

ඇමෙරිකාවේ GSP බදු සහනය අද සිට ක්‍රියාත්මකයි

April 22, 2018   06:49 am



අමෙරිකාව  විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120කට ලබා දෙන ජි.එස්.පී බදු සහනය අද (22) සිට ක්‍රියාත්මක වේ.

2020 වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම සහනය යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර තිබිණි.

ඒ අනුව මේ යටතේ අමෙරිකාව වෙත අපනයනය කෙරෙන භාණ්ඩ 5000ක් සදහා බදු සහනයක් හිමි වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ලෙස සැලකෙන්නේ අමෙරිකාවයි.

අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ වටිනාකමින් යුත් අපනයනය ප්‍රමාණයක් පසුගිය වසරේදී අමෙරිකාව වෙත සිදු කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයනකරුවා ලෙස බ්‍රිතාන්‍ය සැලකෙන අතර ඉන්දියාව තුන්වන ස්ථානයේ පසුවේ.