‍සංගීත ප්‍රසංගය වෙඩි තැබීමකින් කෙළවර වෙයි - අයෙක් මරුට හතරකට තුවාලයි

‍සංගීත ප්‍රසංගය වෙඩි තැබීමකින් කෙළවර වෙයි - අයෙක් මරුට හතරකට තුවාලයි

April 22, 2018   06:33 am



නිට්ටඹුව, අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

අවුරුදු උත්සවයකින් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුරදී නාදුනන පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව නිට්ටඹුව පොලීසිය ප්‍රකාශ කළේය.

වෙඩි  වැදීමෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙකි.

ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර සංගීත සන්දර්ශනය ආරම්භයේ පොල් තෙල් පහන දැල්වීමට එක් වූ අයෙකු බව වාර්තා වේ.

 තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පැවසීය.

 වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.