ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
April 21, 2018 05:33 pm
විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නවගමුව රනාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු රනාල ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි අයෙකු බව සඳහන්ය.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.