නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ  101ක් අත්අඩංගුවට

නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ 101ක් අත්අඩංගුවට

April 21, 2018   01:33 pm


සති දෙකක කාලයක් තුළ ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 101 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඩිංගි යාත්‍රා 14ක් සහ සුරුක්කු දැල් 13ක් සිය බාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ඔවුන් විසින් අල්ලන ලද කිලෝග්‍රෑම් 6240ක මත්ස්‍ය තොඟයක්ද නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස සහ ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු  බහුලව සිදු කරන අතර  එම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතුව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පැවසුවේය.