එජාපයේ තනි ආණ්ඩුවක් සෑදිය යුතුයි

එජාපයේ තනි ආණ්ඩුවක් සෑදිය යුතුයි

April 21, 2018   12:54 pm



තනි ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදි වෙනත් පක්ෂයක් ළඟ දනින් වැටීම නිවට කමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යාම ආණ්ඩුවට වඩා රටට බලපෑමක් ඇති කරන බවත් පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ විපර්යාස නිසා එම පක්ෂය කොටස් 3ට කැඩී ගොස් ඇති බවද විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය සඳහා හඳුන්වාදුන් අදූරදර්ශී මැතිවරණ ක්‍රමය නිසාත් දේශපාලන නායකයින්ගේ ක්‍රියාකාපය නිසා එක්සත් ජාතික පක්ෂය දුර්වල ස්ථානයකට ඇද වැටී ඇති බවද එතුමන්  පැවසීය.

තවදුරටත් ජාතික ආණ්ඩු කියන මිත්‍යාවෙන් බැහැරවී එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.