තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා
April 21, 2018 12:52 pm
රාගම, මහර ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පහරකෑමට ලක්වූ තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
ඊයේ රාත්රී 11.00ට පමණ මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්ය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාගම, මහර ප්රදේශයේම පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර කුරුණෑගල, යන්තම්පලාව ප්රදේශයේදී ද ඊයේ රාත්රී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල පොලීසිය විමර්ශන සිදු කරයි.