හොරණ රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව නඩු පවරනවා

හොරණ රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව නඩු පවරනවා

April 21, 2018   11:03 am

ඇමෝනියා  වායුව ආග්‍රහණය විමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ විමලවීර මහතා අද දෙරණට සදහන් කළේ  කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමේදි නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරිම හේතුවෙන් මාසයක කාලයක් ඇතුළත එම කර්මාන්ත ශාලාවට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

පසුගිය 19 වනදා හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවකදී ඇමෝනියා වායුව ආග්‍රහණය විමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු මේ වන විටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට මුල් වූ රබර් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට ද මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කළේය.