පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමය ගැන ඇමති කියයි

පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමය ගැන ඇමති කියයි

April 21, 2018   09:25 am


‍ඉදිරි පළාත් පාලන මැතිවරණය බොහෝ විට මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ඉඩ ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා පවසයි.

මනාප ක්‍රමය සඳහා බහුතර ප්‍රසාදයක් නොමැති බව ඔහු පෙන්වාදෙයි.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වර්තමාන ඡන්ද ක්‍රමය ආරක්ෂා කරගැනීම සඳහා සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතු බව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.