ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය ගැන පළ වන වාරතා බොරු

ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය ගැන පළ වන වාරතා බොරු

April 21, 2018   08:01 am



ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ඉහළ අගයක පවතින බවට පළ වන වාර්තා පදනම් විරහිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද පළවූ වාර්තාවක් ඇතැම් මාධ්‍ය මගින් වැරදි ලෙස අර්ථ නිරූපණය කර ඇති බවයි.

මෙරට ළමුන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නංවන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.