චන්දිම හා ඩිලාන් එංගලන්තේ ගියේ පෞද්ගලික වුවමනාවලට
April 21, 2018 07:36 am
චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා යන හිටපු අමාත්‍යවරු එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික වුවමනාවන් මත බව එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා පවසයි.
ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කරයි.
ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.