මහියංගණයේ මවක් සහ දියණියක් ඝාතනය කරලා
April 21, 2018 07:28 am
මහියංගණය, මාපාකඩවැව ප්රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනයට ලක්ව තිබේ.
ඔවුන් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේය.
තම මව හා සහෝදරිය ඝාතනයට ලක්ව ඇති බවට මරණකාරියගේ පුත්රයා විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුව මහියංගණය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ මාපාකඩවැව, ඉකිරියගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි ඇයගේ දියණිය බව පොලීසිය සඳහන් කළේය.
මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණ අද (21) දින සිදුකිරීමට නියමිත බව සඳහන්ය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගණය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.