සයුරෙන් එතෙර
කවුරුත් නොසිතපු තීරණයක් උතුරු කොරියානු නායකයා ගනියි
April 21, 2018 06:27 am
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සියලුම න්‍යෂ්ඨික අත්හදාබැලීම් සිදුකරන වැඩබිම් ද වසා දමන බව ඔහු ප්‍රකාශ කර ඇත.
එරට මාධය වාර්තා කර තිබුණේ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල ඇතුළු න්‍යෂ්ඨික මිසයිල අත්හදාබැලීම් සියල්ලම අද දින සිට නවතා දැමීමට උතුරු කොරියානු නායකයා විසින් තීරණය කර ඇති බවයි.
කොරියානු අර්ධද්වීපයේ ආර්ථික දියුණුව හා සාමය ඉලක්ක කරගනිමින් කිම් ජොං අන් විසින් අදළ තීරණයට එළඹ ඇති බව සඳහන්ය.
මේ අතර උතුරු කොරියුනු නායකයාගේ අදාළ තීරණය, උතුරු කොරියාවට මෙන්ම ලෝකයට ද යහපත් වනු ඇති බව ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රිම්ප් පවසා තිබේ.
කිම් ජෙං අන් විසින් එළඹෙන ජුනි මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ද හමුවීමට නියමිත අතර ඉදිරි සතිය තුළ දකුණු කොරියානු නායකයා හමුවීමට නියමිතව තිබේ.