බැසිල්ට දකින්න හොඳ හීනයක් ෆොන්සේකා කියයි
April 20, 2018 10:18 pm
බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ බලය අත්කර ගන්නාවා යැයි පැවසීමට වඩා වැලිකඩ බලය ලබා ගන්නා ආකාරය සිතා බැලීම හොඳ හීනයක් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ දිනවල වැඩකටයුතු සිදුවන ආකාරය අනුව ඒ බව පැහැදිලි වන බවත් බැසිල් රාජපක්ෂ මහතාට ඒ සිහිනය වඩා යෝග්‍ය වන බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළොත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තමා කැමති බව පවසා තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, යුද්ධය පැවති කාලය තුළ රුධිරය හෙළා මව්බිම රැක ගත් අය අතරින් පළා ගිය මිනිසුන්ට එවැනි ආරාධනාවක් කරන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට මඩු වලිගයෙන් පහර දිය යුතු බවයි.