මස් පිණිස ගවයෙක් මැරුව සැකකරුවා STF එකෙන් අල්ලයි
April 20, 2018 02:34 pm
බලපත්රයක් නොමැතිව මස් පිණිස ගවයෙක් ඝාතනය කළ සැකකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් මස් තොගයක් සමඟ අද(20) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
කාසල්රි ජලාශයට බගවන්තලාව ප්රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ බොගවාන වත්ත පාලම අසල ඉතා රහසිගතව කාලයක් තිස්සේ බලපත්ර නොමැතිව මස් පිණිස ගවයන් ඝාතනය කරන බවට පොලිස් විශේෂ කාර්යය බලකාය නිලධාරින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගවයා ඝාතනය කිරීම සඳහා උපයෝගි කර ගත් පිහි කිහිපයක් සහ ගව මස් කිලෝ 175ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බගවන්තලාව ප්රදේශයේම පදිංචි කරුවෙකු බවත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බගවන්තලාව පොලීසිය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරියකු පැවසීය.