එක්තැන් වෙලත් ජීවිතයට තනිව මුහුණ දෙන පලිනිඅප්පන් හිසට සෙවනක් සොයයි

එක්තැන් වෙලත් ජීවිතයට තනිව මුහුණ දෙන පලිනිඅප්පන් හිසට සෙවනක් සොයයි

April 20, 2018   01:11 pm


බදුල්ල, රඹුක්පොත ගම්මානයේ ජීවත් වන පලිනිඅප්පන් චන්ද්‍රන් නැමති පුද්ගලයා  ගහකින් වැටීම නිසා ඔහුගේ සුසුම්නාවට හානි වී ඉනෙන් පහල කොටස අප්‍රාණිකව තම එදිනෙදා කටයුතු තමන් විසින්ම සිදුකර ගනිමින් ජීවත් වන පුවතක් අද දෙරණ අපට  වාර්තා විය.

පලිනිඅප්පන් මේ අවසානාවන්ත ඉරණමට මුහුණ දෙන්නේ 2009 වසරේදීය එතැන් පටන් ඔහු බදුල්ල මහ රෝහලෙන් හා රාගම මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්තද  ඔහුගේ රෝග තත්ත්වය සුව කළ ගත නොහැකි බව වෛද්‍යවරුන් පවසා ඇත.

පලිනිඅප්පන් 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වන අතර දෙමව්පියන් හා සහොදර සහොදරයින් කිසිවෙකුත් නොමැතිව හුදෙකලාව ජීවත් වෙයි.

ඔහුගේ මිත්තනිය විසින් ලබාදී ඇති ඉඩමක කුඩා කාමරයක් අටවාගෙන එය ඉටිකොළවලින් ආවරණ කර ගනිමින් කිසිදු පුද්ගලයෙකුට අත නොපාමින් තමන්ගේ කටයුතු තමන් විසින්ම කරගනිමින් ජිවත් වෙයි.

ඔහු ජීවතවන ස්ථානය අනාරක්ෂිත තත්ත්වයේ මෙන්ම අබලන් තත්ත්වයේ පවතින අතර ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තමන්ට ආරක්ෂතව සිටිය හැකි ස්ථානයක් සකස් කර ගැනීම පමණි.