ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19
April 20, 2018 11:48 am
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 19 වනදා පැවැත්විමට තීරණය කර තිබේ.
අද (20) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව කියා සිටියේය.
මෙවර නිල වරණයට තමා ද ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කළේය.
නිලවරණයට අදාළ නාමයෝජනා කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සදහන් කළේය.