බරපතළ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට

බරපතළ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට

April 20, 2018   09:57 am

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තොටලඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (20) උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 23 හැවිරිදි සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට  ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදි ඇති බව  පොලීසිය සඳහන් කළේය.