ආනමඩුවේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ආනමඩුවේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

April 20, 2018   09:08 am



ආනමඩුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 73න් හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ආනමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.