සති දෙකක් STF එකෙන් බස්නාහිර හා දකුණේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා
April 20, 2018 08:26 am
පසුගිය දෙසතියක පමණ කාලය තුළ පොලිස් විශේෂ කාර්යය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එහිදි අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
අත්බෝම්බ 5ක්, ටි 56 ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, රිවෝල්වර 5ක් සහ ජීව උණ්ඩ රැසක් පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන තිබේ.
මීට අමතරව හෙරොයින් ග්‍රෑම් 56ක් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.