මීටර් නැති ත්‍රීරෝද රථවලට අද සිට වැඩ වරදියි

මීටර් නැති ත්‍රීරෝද රථවලට අද සිට වැඩ වරදියි

April 20, 2018   07:31 am



ත්‍රීරෝද රථවල ගමන් කරන මගීන්ට ගමනාන්තයේදී බිල්පතක් නිකුත් කළ හැකි මීටරයක් සවිකිරිම අද (20) සිට බලාත්මක වේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ එම නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හෝ දඩ නියම කිරිමේ බලය පොලිසිය සතුවන බවයි.

ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමේ නීතිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පැනවූ අතර ත්‍රීරෝද රථ සංගම්වල ඉල්ලීම මත ඒ සඳහා සහන කාලයක් ලබා දී තිබිණි.

එම සහන කාලය පසුගිය පළමු වැනි දිනෙන් අවසන් වූ අතර ඒ අනුව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේය.