රත්‍රං සඳහා තීරු බදු පැනවීම නිසා රත්‍රං කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙනවා
April 20, 2018 07:16 am
තම රජයක් යටතේ රත්‍රං සඳහා පැනවූ තීරූ බදු ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තීරු බදු පැනවීමට රජය ගත් තීරණය හේතුවෙන් මෙරට රත්‍රං කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වන බවයි.
ආනයනික රත්‍රං සදහා සියයට 15ක තීරූ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.
මෙරටට ආනයනය කරන රත්‍රංවලින් වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට අනාවරණය වීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
තීරූ බද්ද හේතුවෙන් රත්‍රං පවුමක මිල රුපියල් 64,000 පමණ දක්වා ඉහළ යනු ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.