අප්‍රේල් අවසන් වීමට පෙර එජාප තනතුරු සඳහා නව පුද්ගලයින් නම් කරනවා

අප්‍රේල් අවසන් වීමට පෙර එජාප තනතුරු සඳහා නව පුද්ගලයින් නම් කරනවා

April 20, 2018   07:03 am



මේ මස අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නව පුද්ගලයින් නම් කිරීම අවසන් කිරීමට එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(19) පස්වරුවේ එම කමිටුව රැස් වූ අතර එහිදී කරුණු කිහිපයක් ඔස්සේ සාකච්ඡා පැවති බව වාර්තා වෙයි.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනතාවට සහන ලබාදීම පිළිබඳව එම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුවූ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතය.