සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා නව වැඩපිළිවෙලක්

සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා නව වැඩපිළිවෙලක්

April 20, 2018   06:49 am



සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් නව වැඩපිළිවෙලක් සකස් කරන බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංචාරක මණ්ඩලය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල සහභාගීත්වයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 මේ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් ඊයේ(19) සාකච්ඡාවක් ද පැවැත්වුණි.

මිරිස්ස සහ මිදිගම ප්‍රදේශවල දී පසුගියදා සංචාරකයන් පිරිසකට පහරදීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාවට අපකීර්තිමත් තත්ත්වයක් උදා වී ඇති බව සාගල රත්නායක මහතා එහිදි පෙන්වාදුන්නේය.