දුෂ්කර පන්සල්වලට මූල්‍යාධාර සැපයීම මේ වසරේ සිට ආරම්භ කරනවා
April 19, 2018 10:21 pm
ශ්‍රී ලංකාවේ සියලු ම පන්සල් වර්ගීයකරණය කොට නොදියුණු පන්සල්වලට ආධාර දීම සඳහා මේ වසරේ සිට රජය මඟින් මූල්‍යාධාර සැපයීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
මේ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් විහාරාංග සහිති අංග සම්පූර්ණ පන්සල්, ඊට වඩා අඩු පහසුකම් ඇති පන්සල්, ධර්ම ශාලා හා සංඝාවාස නොමැති පන්සල් සහ භික්ෂූන් වහන්සේලාට දානය පවා නොලැබෙන දුෂ්කර පන්සල් තෝරා ඒවා වර්ග කිරීම සිදුකරයි.
ජනාධිපති අරමුදල, අගමැති අරමුදල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික අමාත්‍යාංශයේ අරමුදල හා බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ පවතින බුද්ධ ශාසන අරමුදල් ඒකාබද්ධ කොට එක් අරමුදලක් බවට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කරන බව එම කමිටුවේ නිර්දේශ පරිදි වර්ගීකරණයේ දී අඩු ආදායම් ලබන දුෂ්කර පන්සල් තෝරාගෙන ඒවාට මූල්‍යාධාර සපයන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පැවසීය.
මේ සඳහා තමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇති බවත් ඒ අනුව දුෂ්කර පන්සල්වලට මූල්‍යාධාර සැපයීම මේ වසරේ සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.