පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ජනපතිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි ඉන් පිටත LTTE හිතවාදීන් විරෝධතාවයක

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ජනපතිට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දි ඉන් පිටත LTTE හිතවාදීන් විරෝධතාවයක

April 19, 2018   08:04 pm

පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල එල්.ටී.ටී.ඊ හිතවාදී අධාරකරුවන් පිරිසක්  විරෝධතාවයක නිරතවන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ නිරතවන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා වේලාවෙන් රාති‍්‍ර 8.00 ට පමණ විධායක සභාව ඇමතීමට නියමිතව තිබුණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සඳහා පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ බි‍්‍රතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසිනි.

ලොව රටවල් රැසක ප‍්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය සම්මත කර ගැනීම ද මෙහිදී සිදු වේ. 

මෙවැනි පසුබිමක් පවතින අතර තුර ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස විරෝධතාකරුවන් සිය විරෝධය දක්වා ඇත.