ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන සමුළුව අමතයි

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන සමුළුව අමතයි

April 19, 2018   05:07 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක්විය.

පොදු අනාගතයක්, තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුව අදින් ඇරඹෙන අතර  සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය, තිරසර බව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර, දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

මේ අතර එරට වේලාවෙන් අද පස්වරු 4.00 ට පමණ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා රාජ්‍ය නායක සැසිය අමතා කෙටි අදහස් දැක්වීමක් සිදු කළේය.