සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පුළුල් වෙයි

සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පුළුල් වෙයි

April 19, 2018   04:24 pm



සුරක්ෂා සිසු රක්ෂණාවරණය මඟින් ප්‍රතිලාභ ලබාදීම පුළුල් කරමින් පිලිකා, වකුගඩු ඇතුළු සියලු රෝග සදහා රක්ෂණ ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය මඟින් පාසල් දරුවන් සඳහා ප්‍රතිපාදන ලබා ගැනිමේ අවස්ථාව ඉහළ නැංවිමට කටයුතු කරන ලෙස විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා සිදු කරන ලද ඉල්ලීමකට අනුව එම පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟවී ඇති බව අධ්‍යාපාන අමාත්‍යංශය සඳහන් කළේය.

පාසල් සිසුන් වෙත සිසු රක්ෂණාවරණයට අදාළ කාඩ් පත් ලබාදීමේ කටයුතු ද කඩිනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු 011 2 357 357 හෝ 011 3 641 555 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය.

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල් පෞද්ගලික පාසල්  ජාත්‍යන්තර පාසල් සහ සෑම පිරිවෙනකම අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සියලුම සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හදුන්වාදෙනු ලැබීය.