ඉරාන කථානායකතුමන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව වෙත පැමිණෙයි

ඉරාන කථානායකතුමන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව වෙත පැමිණෙයි

April 19, 2018   03:47 pm



ශ්‍රි ලංකාවට පැමිණි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පුමුඛ විශේෂ පාර්ලිමේන්තු ධුත පිරිස කථානායක කරු ජයසුරිය මහතා සහ ශ්‍රී ලංකා ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  සාමාජික මන්ත්‍රීවරු  සමඟ නිල හමුවීම අද දින (19) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉරාන කථානායකවරයා ප්‍රමුඛ ධුත පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම අසලදී උණුසුම් ලෙස කථානායක කරු ජයසුරිය මහතා විසින් පිලිගැණුනු අතර,මෙම  විශේෂ රාජ්‍යත්‍රන්ත්‍රික ධූත පිරිස වෙනුවෙන්  දිවා භෝජන සංග්‍රහයක් ද  පිරිනැමිනි.

ඉරාන කාථානායකවරයා සහ ශ්‍රී ලංකා කථානායකවරයා  අතර විශේෂ  ද්විපාර්ෂවික සාකච්ඡාවක් ද පැවති අතර, මෙහිදී දෙරට  අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිමේ හැකියාව ,  ඉරානය හා ශ්‍රි ලංකාව අතර බහුලව සිදුවන තේ,පොහොර පෙට්‍රොලියම් ආදී වෙළඳ කටයුතු,  ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථා මෙන්ම ඉරාන ශ්‍රි ලංකා  අන්තර්  පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරිම ආදිය පිළිබඳව ද අවධානය යොමු විය.

එලඹෙන මැයි මාසයේ සිදුවිමට නියමිත ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉරාන සංචාරයේදී එම කරුණු පිළිබඳව තීරණයන්ට එලඹීම සඳහා වැදගත් ප්‍රවේශයක් මෙම  සාකච්ඡාව තුලින් ඇති කරගන්නට හැකි වූ බව දෙපාර්ශවයේම  අදහස විය.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන තේ ගැණුම්කරුවෙකු ලෙස තේ මිලදී ගැනීමේදී පවත්වන ලබන විශ්වාසනීය සබඳතා අගය කල කථානායක කරු ජයසුරිය මහතා එහිදී තවදුරටත් ශ්‍රී ලංකාවට විශේෂ පහසුකම් සැපයීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට ඉරාන ආයෝජකයන් දක්වන උනන්දුව පිළිබඳව ඉරාන  කථානායකවරයා  සඳහන් කල අතර, ඒ පිළිබඳව අදාළ අමාත්‍යාංශයන්හි අවධානය යොමු කරවන බවද ශ්‍රී ලංකා කථානායකවරයා පවසීය.

මෙම  අවස්ථාවට කථානායක කරු ජයසුරිය මහතාට අමතරව ශ්‍රී ලංකා  ඉරාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ  නියෝජනය කරමින් ඒ.එච්.එම්.ෆවුසි, රංජිත් අළුවිහාරේ, සන්දිත් සමරසිංහ, ෆයිසාල් කාසීම් යන මැති ඇමතිවරුන්ද එක් වූහ.

ඉරාන කථානායක අලි ලරිජානි මහතාගේ නායකත්වයෙන් යුත් ඉරාන ධුත පිරිසට ඉස්ලාමිය ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් වන. මොහොමඩ් අසුආරී මාසනි, මොහොමඩ් එම් ශානිසින්,නසාර් අප්සාලි,සෙයිලාජේලොඩාසෙඩි, මොහොමඩ් ජේප්රි. යන අය  ඇතුළු ඉරානයේ ඉහලපෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිහු පිරිසක් ද එක් වී තිබේ.