මිය ගිය අලියෙකුගේ සිරුරක් වෙලකින් හමුවෙයි-වන ජීවි නිලධාරීන්ගේ පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක්

මිය ගිය අලියෙකුගේ සිරුරක් වෙලකින් හමුවෙයි-වන ජීවි නිලධාරීන්ගේ පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක්

April 19, 2018   02:04 pm

වැලිකන්ද, අසේලපුර, මහින්දාගම ප්‍රදේශයේ වෙල්යායක තිබී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ වනජීවි නිලධාරීන් පරීක්ෂණ කටයුතු සඳහා එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි.

මිය ගිය වන අලියාගේ සිරුර තිබෙනු දුටු එම වෙල්යාය හිමි කාන්තාව මේ පිළිබඳව වැලිකන්ද වන ජීවි නිලධාරීන් දැනුවත් කර තිබේ.

වන අලියෙක් මියගොස් ඇති බවට සැලවීමත් සමඟ වැලිකන්ද පොලීසියේ නිළධාරීන්ද එම ස්ථානය පැමිණ තිබේ.

කෙසේ වෙතත් කුඹුරේ හිමිකාර කාන්තාවගේ දැනුවත් කිරීම මත එම ස්ථානයට වන ජීවී නිළධාරීන් පැමිණිමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ වනජීවි නිළධාරීන් කුඹුර හිමි කාන්තාව අත්අඩංගුවට ගැනීමට පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කිරීමත් සමඟින්.