නොරච්චෝලේ අක්‍රීය වු ජනන යන්ත්‍ර ලබන 22 යථා තත්ත්වයට

නොරච්චෝලේ අක්‍රීය වු ජනන යන්ත්‍ර ලබන 22 යථා තත්ත්වයට

April 19, 2018   01:37 pm

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ලබන 22 වනදා යතා තත්ත්වයට පත් කිරිමට හැකියාව පවතින බව බලාගාරයේ කළමණාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසයි.

මේ වන විට එම නඩත්තු කටයුතු බාධාවකින් තොරව සිදු කරන බව ඔහු සඳහන් කළේය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීම මඟින් විදුලිය නිෂ්පාදන කටයුතු අඩුවීමක් සිදු වුවද එය දෛනික විදුලි සැපයුමට බාධාවක් නොවන බව බලාගාරයේ කළමණාකාරවරයා අවධාරණය කළේය.